― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅනුර කුමාරගේ චෝදනාවට එරෙහිව යෝෂිත රාජපක්ෂ නඩු මඟට

අනුර කුමාරගේ චෝදනාවට එරෙහිව යෝෂිත රාජපක්ෂ නඩු මඟට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා එල්ල කරන චෝදනා අසත්‍ය හා නොමඟ යවන සුළු බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටී.
ඉන් සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන් බවද නිවේදනයේ දැක්වේ.
අනුර දිසානායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් පිලිකුලෙන් යුතුව හෙළාදකින බව නිවේදනයේ සඳහන් වේ.