26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගන් පල්ලියේ පිපිරීමෙන් මිය ගිය ගණන තවත් ඉහළට

ඇෆ්ගන් පල්ලියේ පිපිරීමෙන් මිය ගිය ගණන තවත් ඉහළට

උතුරු ඇෆ්ගනිස්ථානයේ තුන්දුස් නගරයේ ෂියා මුස්ලිම් බැතිමතුන්ගෙන් පිරී තිබූ පල්ලියක සිකුරාදා යාඥ්ඤාව අතරතුර පුපුරා ගිය බෝම්බයෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය මේවන විට වාර්තා කර ඇත. 
 
කුන්දුස් පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර ඇත්තේ මුස්ලිම් පල්ලිය තුළ සිටි බැතිමතුන් අතර මිශ්‍ර වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
 
තුවාල ලබා සිටින අයගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සදහන් වේ.
 
කෙසේ නමුත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.