30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඩීසල් හිඟයට හේතුව ඇමති කංචන හෙළි කරයි

ඩීසල් හිඟයට හේතුව ඇමති කංචන හෙළි කරයි

රට තුළ මේ වනවිට පෙට්‍රල් හිඟයක් නොමැති බවත් එහෙත් ඩීසල් පිළිබඳව යම් ගැටලුවක් ඇති බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

නොරොච්චෝලේ බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊට ඩීසල් ලබා දීමට සිදු වූ බවත් එම නිසා
ඩීසල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෛනිකව මෙට්‍රික් ටොන් 4000ක් ඩීසල් නිකුත් කරනවා වෙළෙඳපළට නමුත් මේ දින කිහිපයේ මෙට්‍රික් ටොන් 1000ක් 1500ක් තමා අපිට නිකුත් කළ හැක්කේ.

අපිට ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න සිද්ධ වුණා ඉන්ධන තොග පිරවුම්හල්වලට දීලා ඉන්ධන පෝලිම නැති කරනවා ද ඉන්ධන තොග බලාගාරවලට දීලා පැය 3යි විනාඩි 20ට විදුලි කප්පාදුව පවත්වාගෙන යනව ද කියන එක. එසේ වෙනවා නම් අපේ විදුලි කප්පාදුව පැය 7ක් 8ක් දක්වා යන්න වෙනවා. ඒ හින්දා අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා.