ජන පීඩක ආණ්ඩුවට විරෝධය පළ කරමින් දිවයින පුරා අද (06) දිනයේදී හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකය.
මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ආණ්ඩුවට විරෝධය පාමින් අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් අලුත්කඩේ අධිකරණ කලාපය තුළ කළු කොඩිවලින් සැරසීමට තරුණ නීතීඥවරුන් කටයුතු කර තිබුණි.
ඔවුන් මහ වැසි නොතකමින් ඊයේ (05) රාත්‍රියේ අලුත්කඩේ අධිකරණ කලාපය තුළ කළු කොඩිවලින් සැරසීමට කටයුතු කළේය.