27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති 20 වැනි සංශෝධනය අසාර්ථක බව පිළිගෙන තිබෙනවා

ජනපති 20 වැනි සංශෝධනය අසාර්ථක බව පිළිගෙන තිබෙනවා

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන් හමු වූ අවස්ථාවේ සිදු කර ඇති ප්‍රකාශයෙන් 20 වැනි සංශෝධනය අසාර්ථක බව පිළිගෙන ඇතැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ මාධ්‍ය වෙත පෙරේදා (10) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“පුවත්පත්වල වැදගත් කාරණයක් වාර්තා වී තිබෙනවා. තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බව ඇමැතිවරුන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා. එම නිසා අගමැතිවරයා ඉදිරියට පැමිණ සෙසු පළපුරුදු කැබිනට් ඇමැතිවරුන් ද එකතු වී සාමූහිකව වැඩ කටයුතු කරගෙන යා යුතු යැයි ජනපති පවසා තිබුණා. එය හොඳ ප්‍රකාශයක්. මන්ද විසි වන සංශෝධනය අසාර්ථක බව එතුමා පිළිගෙන තිබෙනවා. විසි වන සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා.

හාල් මිල නියම කිරීම වැනි කාරණාවලදී ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. එහි ප්‍රතිඵලය කුමක්ද? ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වුණා. ගෙදර බලාපොරොත්තු කඩා වැටුණා. එසේ නම් මේ ක්‍රමයෙන් ප්‍රතිඵල ලැබී නෑ. ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ හැටියට සාම්ප්‍රදායික කැබිනට් පාලනයට යන එක හොඳයි .ඒ නිසා කළ යුතුව තිබෙන්නේ විසි වන සංශෝධනය අහෝසි කර ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යෑමයි.

පාර්ලිමේන්තුව බෙදුණේ විසි වන සංශෝධනය නිසයි. ඒ නිසා විපක්ෂයේ සහ එයින් පිට අයගේ විශ්වාසය නැති වුණා. ආණ්ඩුව 19 වන සංශෝධනය ඉදිරිපත් කරනවා නම් ඊළඟට පාර්ලිමේන්තුවට තිබෙන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න.”

ශිරෝමි අබයසිංහ