25 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුසීට යළි උපදේශක තනතුර

සුසීට යළි උපදේශක තනතුර

ඔලිම්පික් පදක්කම්ලාභී කෙටි දුර ධාවන ශූරිය සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සුසන්තිකා ජයසිංහ මහත්මියට ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස නැවත පත් කිරීමට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.