30 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබ්‍රිතාන්‍යයේ බලශක්ති අර්බුදය දරුණු අතට

බ්‍රිතාන්‍යයේ බලශක්ති අර්බුදය දරුණු අතට

බ්‍රිතාන්‍යය තුළ නිර්මාණය වී ඇති බලශක්ති අර්බුදය හේතුවෙන් ඉදිරියේදී තවත් කර්මාන්තශාලා රැසක් වසා දැමීමට සිදු වනු ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

වානේ, කඩදාසි, වීදුරු, සිමෙන්ති, පිඟන් මැටි සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම් පවසන්නේ බලශක්ති මිල ඉහළ යෑම වෙනුවෙන් රජය සහනයක් ලබා දීමට අසමත්වුහොත් කර්මාන්ත ශාලා වසා දැමීමට හෝ වැඩි වන පිරිවැය පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට හෝ සිදු වනු ඇති බවය.

ස්වාභාවික ගෑස් සහ විදුලිය ප්‍රධාන වශයෙන් භාවිත කරන කර්මාන්ත ශාලා සීත සෘතුවේදී අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද වාර්තා වේ.