32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාව පැරදවූ බ්‍රිතාන්‍යයට කාන්තා හොකී ලෝකඩ පදක්කම

ඉන්දියාව පැරදවූ බ්‍රිතාන්‍යයට කාන්තා හොකී ලෝකඩ පදක්කම

රන් කිරුළ නෙදර්ලන්තයට

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා හොකී ලෝකඩ පදක්කම ඉන්දියාව ගෝල් 3-4කින් පැරදවූ බ්‍රිතාන්‍ය දිනා ගනියි. රන් පදක්කම නෙදර්ලන්යට හිමි වූ අතර, ඔවුන් හමුවේ අවසන් තරගයේදී ගෝල් 3-1ක් ලෙස ආර්ජන්ටිනාව පරාජයට පත් විය.

ඉන්දියාව හා බ්‍රිතාන්‍ය අතර, තරගය ඊයේ ටෝකියෝ ඕයී හොකී ක්‍රීඩාංගණයේ පැවැති අතර තරගයේ පළමු භාගයේදී ඉන්දියාව ලකුණු 3- 2ක් ලෙස ඉදිරියෙන් සිටියේය. තෙවැනි කාර්තුවේදී බ්‍රිතාන්‍ය පිල 3-3ක් ලෙස ලකුණු සම කර ගත් අතර, සිව්වැනි කාර්තුවේදී ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය පිල පසුගිය ඔලිම්පික් උලෙළේදී රන් පදක්කම දිනාගත් කණ්ඩායම වූ අතර, මෙවර අවසන් පුර්ව වටයේදී නෙදර්ලන්තයට පරාජය විය. මේ අතර ඉන්දිය පිරිමි හොකී කණ්ඩායම වසර 41කට පසු ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනිණි. ඉන්දීය පිරිමි හොකී කණ්ඩායම විසින් පසුගිය රියෝ ඔලිම්පික් උලෙළේ ලෝකඩ පදක්කම දිනා සිටි ජර්මනිය ගෝල් 5- 4ක් ලෙස පරාජය කිරීමට සමත් විය. හොකී රන් පදක්කම දඬුවම් පහර 3-2ක් ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කළ බෙල්ජියම දිනා ගත්තේය.

ප්‍රින්ස් ගුණසේකර

ජපානයේ ටෝකියෝ නුවර සිට…