30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද රටේ බඩු මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ

අද රටේ බඩු මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

මහ බැංකුව ට්‍රිලියන දෙකකට ආසන්න මුදලක් මේ වෙනකොට අච්චු ගසා ඇති බවත් එසේ තිබීයදී පවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්නේ විවිධ වංචා හරහා භාණ්ඩාගාරයට අහිමි වු මුදල් එක් රැස් කිරීමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

“මේ නිසා රටේ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. බැංකු පොලී අනුපාත වෙනස් වෙනවා. මේ නිසා නැවත වටයකින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. නමුත් ලැබෙන වැටුප්, ජනතාවගේ ආදායම් වැඩි වී නැහැ. අනික් පැත්තෙන් එදා ගත් වැටුපම අරගෙන බඩු ගන්න ගියාම එදා ගත් බඩු ටික ගන්න බැහැ. මෙහෙම තියෙද්දී ගෑස් කිරිපිටි ,පාන්පිටි, සිමෙන්ති මිල පාලනය ඉවත් කළා. මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඩොලර් ප්‍රශ්නයක් නම් හාල් මිල පාලනය ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා මොනවා කීවත් හාල් මිල තීරණය කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මෝල් හිමියන්. හාල් මිල තීරණය කරන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ කාටවත් බැරි වුණා. අද වෙන කොට ගෑස්, කිරිපිටි ,පාන්පිටි ,සිමෙන්ති මිල තීරණය කරන්නේ කොම්පැණිකාරයෝ. තව පැත්තකින් මහින්දානන්ද අලුත්ගමගේ ඒ අමාත්‍යංශ්‍යවල ඉන්න තත්ත්වයක් යටතේම හාල් පිටරටින් ගේනවා. මේ ගේන්නේ කාබනික පොහොර දාලා වගා කළ අස්වැන්න නොවෙයි.

ඉන්ධන මිල වැඩිකළ වෙලාවේ පිහිට වූ ස්ථායිකරණ අරමුදල පිළිබඳ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කොච්චර වැඩි වුණත් අපේ රටේ මිල වැඩි නොකරන්න කටයුතු කිරීමේ රුපියල් කෝටි 20,000ක ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන බව කිව්වා. අන්තිමට ස්ථායිකරණ අරමුදල කොල්ලකෑවා විතරයි. ජනතාව ණයට තෙල් ගහන්නේ නැහැ. නමුත් දැන් ඒ බර ජනතාව මත පටවා තිබෙන්නේ.”

නුවන් හෙට්ටිආරච්චි