30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිසිතුරු මත්ස්‍ය කර්මාන්තය අපනයන මට්ටමට ගේන්න අවශ්‍ය පසුබිම හදනවා

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය අපනයන මට්ටමට ගේන්න අවශ්‍ය පසුබිම හදනවා

රාජ්‍ය ඇමැති කංචන විජේසේකර

සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන්ගේ පාලන කාලයේ අපේ රටේ ජලජීවි වගාව තහනම් කර එම සම්පත්වලින් ලැබිය යුතු ආදායම් විනාශ කර දැමු බව ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා කියයි.

මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවෙන් 60ක් සපුරාගන්නා මත්ස්‍ය සම්පතෙන් විශාල ප්‍රෝටීන ප්‍රතිශතයකට හිමිකම් කියන ජලජීවි වගාව තහනම් කර මේ රටේ ජල මූලාශ්‍රවලින් ද ඒ යුගයේ ඵල ප්‍රයෝජන නොගත් බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

“එහෙත් අපි අද වෙද්දි ඉහළ අපනයන ආදායමක් ගන්න පුළුවන් තැනට ජලජීවි වගාව දියුණු කරමින් යනවා. ඒ වගේම අප විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ලෝකයේ අංක 9ට ඇවිත් තිබෙනවා. පහුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හයේ අපේ අපනයන ආදායම 52%කින් වැඩිවෙලා තිබෙනවා.

විසිතුරු මත්ස්‍ය හා මිරිදිය මත්ස්‍ය නඟා සිටුවීමේ අරමුණින් ජනාධිපති සහ අගමැති දුන් උපදෙස් අනුව, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අපට යෝජනා කළා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ඉන්න පිරිස සවිබල ගැන්වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවට. ඒ වගේම අලුත් පිරිසක් මේ කර්මාන්තයට යොමු කර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය බවත් ප්‍රකාශ කළා. ඒ අනුව අපේ අමාත්‍යාංශයත් සමෘද්ධි අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ වැඩපිළිවෙළ නිර්මාණය කළේ තුන් මාසයකට කලින්. දැන් අපි මේ වැඩසටහන් මාලාවත් එක්ක රට වටා ධීවර ප්‍රජාව දිරිගන්වන්න සූදානම්. මේ කාලසීමාවේ ලෝකෙම වැහිලා තිබුණත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය වැහිලා තිබුණේ නෑ. ඉල්ලුම තිබුණත් අවශ්‍ය සැපයුම අපි අතින් නිර්මාණය වෙලා තිබුණේ නෑ. ඒ අනුව අපි කල්පනා කළා විසිතුරු මත්ස්‍ය වගාවට වැඩි අවධානයක් යොමු කරන්න. අපි ආධාර දීලා පමණක් සිටින්නේ නෑ. අදාළ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය අපනයන මට්ටමට ළඟා කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා‍.” කුරුණෑගලදී පැවැති විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තකරුවන් සවි බලගැන්වීමේ උත්සවයේදී රාජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

බුද්ධිකා ඉඹුලාන