29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාරියපොල පිටියේ වැඩ ඇරඹේ

වාරියපොල පිටියේ වැඩ ඇරඹේ

වාරියපොල මැතිවරණ කොට්ඨාසයට දීර්ඝ කාලයක සිට පැවැති අඩුපාඩුවක් සපුරාලමින් ඉදිකිරීමට නියමිත යෝජිත ක්‍රීඩාංගණයේ සංවර්ධන වැඩකටයුතු ආරම්භ කිරීම පසුගියදා පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන, කිරි බිත්තර ආශ්‍රිත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

වාරියපොල ප්‍රාදේශීය සභාවට අයත් අක්කර දෙක හමාරක පමණ ඇති භූමි භාගයක ඉදිවන මහජන මහජන ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 50ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. මේ වැඩ ආරම්භ කිරීමට එක් වූ රාජ්‍ය අමාත්‍ය ඩි.බි.හේරත් මහතා පැවසුවේ

අපේ තරුණ පිරිස රටේ අනාගතය තැනකට ගේන්න නම් හොඳ පරිසරයක් එක්ක ඉදිරියට ගෙන යන ඒ වගකීම ඔවුන්ට පැවරිය යුතු බවත්, එය කළ හැකි ස්ථානය ක්‍රීඩාංගණය බවත්ය.

මේ අවස්ථාවට වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලකරත්න බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වාරියපොල ප්‍රාදේශීය ‍ලේකම් ප්‍රියංගිකා පතිරාජ මහත්මිය ඇතුළු සෙසු රාජ්‍ය නිලධාරින් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

ඡායාරූපය – වාරියපොල මධ්‍යම සමූහ

වාරියපොල මධ්‍යම සමූහ එච්.එම්. නන්දාවති පතිරාජ