― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅරගලයට පහර දීමට ආරක්ෂක ලේකම් සම්බන්ධ බවට සාක්ෂි තියන පොලීසියේ පොත් ...

අරගලයට පහර දීමට ආරක්ෂක ලේකම් සම්බන්ධ බවට සාක්ෂි තියන පොලීසියේ පොත් විනාශ කිරීමේ සුදානමක් !

අරගලයට පහර දීමට ආරක්ෂක ලේකම් සම්බන්ධ බවට සාක්ෂි තියන පොලීසියේ පොත් විනාශ කිරීමේ සුදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

අද 15 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර තවත් නියෝජ්‍ය පොලිස්පති වරයකු ට අනක්‌ දීලා තියෙනවා කිසිදු ආකාරයකින් අරගලයට පහර දීමට ආ මැරවරයන්  ගාලු මුවදොර පිටියට ඇතුළු වීම වලක්වන්න එපා කියලා.
 ඔහු ඒ අණ දීලා තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ට ඒ වගේම ඔහු ඒ අ න දීලා තියෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ට.
 ඔවුන් දෙදෙනාට අණ දෙද්දී ම කියලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න දැනුම් දීලා තියෙනවා මේ මැරවරයන්ට  ගාලු මුවදොර පිටියට ඇතුල්වෙන්න ගිනි තියන්න පහර දෙන්න සහ  දේපල විනාශ කරන්න ජීවිත විනාශ කරන්න  ඉඩ දෙන්න කියලා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා කිව්වා කියලා තමයි කියලා තියෙන්නේ.
 නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධ ලොග් සටහන් දාලා තියෙනවා පොත් වල. පොලිසියේ පොත් වල මේ සම්බන්ධ ලොග් සටහන් දාලා තියෙනවා.
 මේ මැරවරයන් භූමියට ඇතුළු වීම වලක්වන්න එපා කියලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කිව්වා. ඔහු ඒක කිව්වේ ආරක්ෂක ලේකම් ගේ උපදෙස් මත කියලා පොතේ ලියලා තියෙනවා.
 දැන් අපිට වාර්තාවෙනවා මේ පොත් දෙක විනාශ කරන්න යනවා කියලා. ඒ පොත් වල පිටු ඉරන්න මේ පොත් හංගන්න ඒ පොත් ගිනි තියන්න  හදනවා මේක වහාම නතර කළ යුතුයි.
 පොලිසිය ඇතුළෙන්ම අපිට වාර්තා ලැබෙමින් තියෙනවා අපි මේ හදිසි මාධ්‍ය හමුව කැඳවූයේ මේ ඉතාම වැදගත් සාක්ෂිය, මේ විනාශය සඳහා අණ දුන්නේ  ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ලෙස ව්‍යාජව පෙනී සිටින ඔහු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් නෙමෙයි  හවස් වෙන කොට ම අගමැතිවරයා ඉල්ලා අස්වුණා.
 අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් එක්ක කැබිනට් එක ඉබේම ඉවත් වෙනවා. අවලංගු වෙනවා. එතකොට අමාත්‍යාංශ ලේකම් දුරත් අවලංගු වෙනවා. තමන්ගේ ලේකම්ධූරය අවලංගු වීමට මොහොතකට පෙර මේ පුද්ගලයා නියෝගයක් දීලා තියෙනවා මේ ගින්න ඇවිලවීම සඳහා මැදිහත් වෙන්න කියලා.
 අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයට ගිහිල්ලා ඉල්ලන්න මේ පොත් ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න කියලා. නිශ්චිත වශයෙන්ම මේ සාක්ෂි ජනතාවට ඉදිරිපත් කළ යුතුව තියෙනවා.
 මේ සිද්ධියට මුළුමනින්ම වගකිව යුතු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස වංචනිකව පෙනී සිටින කමල් ගුණරත්න නැමැත්තා වහාම අත්අඩංගුවට ගත යුතුයි.
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා වැඩ තහනම් කර අත්අඩංගුවට ගත යුතුයි. පොලිස්පති වරයා මේ සිදුවීමට වගකීම බාර අරගෙන ඉල්ලා අස්විය යුතුයි.
 පොලිස්පති වරයා සම්බන්ධ පොලිසිය ඉහළ නිලධාරීන් සම්බන්ධ විමර්ශනයක් කළ යුතුයි. ඒ විමර්ශනයට බාධාවක් පොලිස්පතිවරයා ධූරයේ රැඳී සිටින එක .