28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිල් ක්ලින්ටන් රෝහල්ගත කරයි

බිල් ක්ලින්ටන් රෝහල්ගත කරයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝගී තත්ත්වයක් හේතුවෙන් කැලිෆෝනියාවේ දී රෝහල් ගත කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
 
75 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා රෝහල් ගත කළ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යූරීනා සඳහන් කර තිබේ.
 
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ද ඒන්ජල් යූරීනා පවසයි.
 
කෙසේ නමුත් මෙලෙස හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කිරීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති නමුත් ක්ලින්ටන් හිටපු ජනාධිපතිවරයාට හෘද රෝග පිළිබඳ ඉතිහාසයක් ඇත.
 
එසේම ක්ලින්ටන් ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.