28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාප සාමාජිකයන්ට ඩිජිටල් කාඩ්පතක්

එජාප සාමාජිකයන්ට ඩිජිටල් කාඩ්පතක්

Author(s): 
ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් පක්ෂ සාමාජිකත්ව කාඩ්පත් නිකුත් කරන මෘදුකාංගය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙමස 20 වැනි දා එළිදැක්වෙයි.

පක්ෂයේ ප්‍රථම නායක ඩී.එස් සේනානායක මහතාගේ ඡන්ම දිනය යෙදෙන එදිනට පැවැත්වෙන සමරු උත්සවයේදී මෘදුකාංගය එළි දැක්වීම සිදු කෙරේ. ඊට සමගාමිව දිස්ත්‍රික්ක මට්ටමින් ද ඩිජිටල් පක්ෂ සාමාජික කාඩ්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. 1000 M සාමාජික කාඩ්පත් මෙන්ම රුපියල් 10ක සාමාජික කාඩ් පත්ද නිකුත් කිරීමට නියමිතය. මෙම ඩිජිටල් පක්ෂ සාමාජික කාඩ් පත් නිකුත් කරනුයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ එක් පියවරක් වශයෙනි. ඔන්ලයින් ක්‍රමයට සාමාජිකයන් බදවා ගැනීම වෙනුවෙන් ඩිජිටල් සාමාජික කාඩ් පත් නිකුත් කරන පළමු පක්ෂය වනුයේ එක්සත් ජාතික පක්ෂයයි. දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සෑම කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සාමාජිකයන් බදවා ගන්න සැලසුමක් සකස් කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහතා පැවසීය.