27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රේලියා අගමැතිට අන්තර්ජාතික අප්‍රසාදය

ඔස්ට්‍රේලියා අගමැතිට අන්තර්ජාතික අප්‍රසාදය

එක්සත් ජාතීන්ගේ කෝප් 26 දේශගුණ සමුළුවට සහභාගී නොවී මඟ හැරීමට උත්සාහ කළ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ට ලෝක ප්‍රජාවෙන් එල්ල වූ පීඩනය හමුවේ තම ස්ථාවරය වෙනස් කිරීමට සිදු වී ඇත. දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගෝලීය නායකයන් එළැඹෙන මාසයේ දී ග්ලාස්ගෝව් නුවර දී හමු වීමට නියමිතය. මේ සමුළුව මඟ හැරීමට අදහස් කර සිටි මොරිසන්ට දැඩි විවේචනවලට මුහුණ දීමට සිදු වී තිබිණි. මේ සමුළුවේදී ගැනීමට නියමිත ප්‍රබල පියවර හමුවේ ගල් අඟුරු සහ ගෑස් විශාල වශයෙන් නිෂ්පාදනය කරන ඔස්ට්‍රේලියාව දැඩි අභියෝගයකට ලක් වනු ඇතැයි විචාරකයෝ පවසති. එරට දේශගුණික ප්‍රතිපත්ති සහ කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රතිපත්ති ඉතාම දුර්වල මට්ටමේ පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.