32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොංකොං මානව හිමිකම් ක්‍රියාකාරිනිය අත්අඩංගුවට ගැනීම එ.ජා. අවධානයට

හොංකොං මානව හිමිකම් ක්‍රියාකාරිනිය අත්අඩංගුවට ගැනීම එ.ජා. අවධානයට

හොංකොංහි මානව හිමිකම් සුරැකීමේ කටයුතුවල නියුතු නීතිඥවරියක සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රියාකාරිනියක වන චෝව් හැං ටැන් රජයට එරෙහිව ජනතාව උසිගැන්වීමේ සහ විදේශ නියෝජිතයකු ලෙස කටයුතු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන මානව හිමිකම් විශේෂඥයන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත.

පසුගිය මාසයේ 8 වැනිදා ඇය අත්අඩංගුවට පත් වූයේ වසර 1989 ටියැනන්මන් චතුරස්‍රයේදී පැවැති විරෝධතාව සිහිකිරීමට වාර්ෂික ඉටිපන්දම් දැල්වීමේ කටයුතුවල නිරතව සිටියදීය. ඇය ඇතුළු තවත් සමාජ ක්‍රියාකාරුවන් රැසක් එහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාතික ආරක්ෂක පනත යටතේය.

මේ පනත පසුගිය ජූනි මාසයේදී චීන පාර්ලිමේන්තුවේ සම්මත වූයේ හොංකොංහි සමස්ත ක්‍රියාකාරකම් සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීමේ බලතල චීනයට පවරා දෙමිනි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමාකාමීව රැස්වීමේ නිදහස සහ මහජන කටයුතුවලට සහභාගි වීමේ අයිතිය ඇතුළු අන්තර්ජාතික නීතිය යටතේ ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් රැසක් ක්‍රියාත්මක කිරීම වැළැක්වීම චීනය මේ පනත අනිසි ලෙස භාවිත කරන බවට චෝදනා එල්ල වී තිබේ.