26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ අඩුආදායම්ලාභි පවුල්වලට විශ්‍රාම වැටුප්

ඉන්දියාවේ අඩුආදායම්ලාභි පවුල්වලට විශ්‍රාම වැටුප්

ඉන්දීය මධ්‍යම රජය ළමා සංවර්ධන සේවය හා ඒකාබද්ධව අඩු ආදායම්ලාභීන්ට සහ විවිධ අවදානම් සහිත ජන කොටස් සඳහා විශ්‍රාම වැටුප් සහ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම ආරම්භ කර ඇතැයි ඉන්දීය පුවත් වාර්තා කළේය. ඒ අනුව ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ආනන්නාග් පළාතේ ජනතාවට මේ පහසුකම් සැපැයීම සිදු කර ඇති අතර, සමාජයේ වඩාත් අවදානම් සහිත වූවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම එරට සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබේ.

මේ යෝජනා ක්‍රම මගින් ත්‍රස්තවාදයට ගොදුරුවූවන්, වැන්දඹුවන්, විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් ආවරණය කෙරෙන බවත්, මෙවැනි යෝජනා ක්‍රම තුළින් ජනතාවගේ ජීවන රටාවේ විශාල වෙනසක් සිදුවනු ඇති බවත් ඉන්දීය රජය විශ්වාසයෙන් පසුවෙයි.

එම ප්‍රාන්තයේ සෑම දිස්ත්‍රික්කයකටම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දීමෙන් මීට පෙර ගැටලු රාශියකට මුහුණ දුන් විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන්ට විශාල ප්‍රතිලාභයක් ලැබෙන බව කියැවේ. එමෙන්ම පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් හඳුනා ගත් අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට ද පියවර ගෙන තිබේ.