26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ කොවිඩ් එන්නත්කරණය මේ මාසයේදී කෝටි සියය පන්නයි

ඉන්දියාවේ කොවිඩ් එන්නත්කරණය මේ මාසයේදී කෝටි සියය පන්නයි

ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත්කරණය කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ මාසයේදී කෝටි සියය ඉක්මවනු ඇතැයි වාර්තා වේ. දැනටමත් එරට ජනතාවගෙන් කෝටි 96ක් එන්නත්කරණයට ලක් කර ඇති අතර, එරට ජනතාවගෙන් 73%ක පිරිසක් පළමු එන්නත් මාත්‍රාව ද, තවත් 29%ක පිරිසක් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇත.

කොවිඩ් මර්දන එන්නත්කරණ මෙහෙයුම ඉදිරි මැතිවරණ සඳහා විශාල ජයග්‍රහණයක් වන බැවින් මේ මාසයේදී එරට කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව කෝටි සියය දක්වා ඉහළ දැමිමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් මර්දන එන්නත් 2ම ලබා දුන්නත්, බූස්ටර් එන්නත්කරණය පිළිබඳ ඉන්දියාව මෙතෙක් තීරණයක් ගෙන නැත. බූස්ටර් එන්නත සම්බන්ධව මෙතෙක් එරට කිසිදු වෛද්‍ය විශේෂඥයකුගේ අදහසක් රජයට ඉදිරිපත් වී නැතැයි කියැවේ.

මේ මාසයේදී ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් තොගය කෝටි 28කි. ඉන් කෝටි 22ක් කොවිෂීල්ඩ් වන අතර, ඉතිරි කෝටි 6 කොවැක්සින් බවට වාර්තා වේ.