25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක තවත් පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක තවත් පිපිරීමක්

සිකුරාදා යාච්ඤාව ලෙයින් තෙත් වෙයි

මුස්ලිම් ජනතාවගේ විශේෂ යාච්ඤාව පවත්වන සිකුරාදා දිනය වූ ඊයේ ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 32 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි අල්ජසිරා පුවත් සේවය වාර්තා කළේය. මේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 45 දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

කන්දහාර් පළාතේ සුප්‍රකට ඉමාම් බර්ගා ෂියා මුස්ලිම් දේවස්ථානයේ මේ බෝම්බ ප්‍රහාරය සිදු වී ඇති අතර, ඒ මොහොතේ විශේෂ දේව මෙහෙයට විශාල පිරිසක් සහභාගි වෙමින් සිටි බව වැඩි දුරටත් වාර්තා වේ.

බෝම්බ ප්‍රහාරය එල්ල වූ ආකාරය පිළිබඳ ඊයේ සවස්වරුව වනවිටත් කිසිදු තොරතුරක් වාර්තා නොවූවද, එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවට සැක කෙරේ. සිද්ධිය ඇසින් දුටු පුද්ගලයකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාර තුනක්ම සිදු වූ බවය. දේවස්ථානයේ ප්‍රධාන දොරටුව අසල පළමු බෝම්බ ප්‍රහාරය සිදු වී ඇතැයි ද, අනතුරුව තවත් පිපිරීම් දෙකක් ඇසුණු බව ද වාර්තා වේ.

සිද්ධිය වූ සැනින් ගිලන් රථ 15කට වැඩි ප්‍රමාණයක් දේවස්ථානය අසලට ළඟා වී ඇති අතර, තුවාලකරුවන් වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.