28.3 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsT20 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

T20 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

2021 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ පළමු වටයේ තරග අදින්(17) ආරම්භ වේ. 
 
ඕමානය හා පැපුවා නිව් ගිනියාව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3. 30 ට පළමු තරඟයට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දීය.
 
එසේම දෙවැනි තරගයද අද පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරය.
 
මෙවර තරගාවලිය ලබන මස 14 වනදා දක්වා ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගන 4 කදී පැවැත්වීමට නියමිතය.
 
පළමු වටයේ තරඟ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.
 
එක් කාණ්ඩයකට රටවල් හතරක් බැගින් ඇතුළත් අතර, එම කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් මෙවර තරගාවලියේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.
 
සුපිරි 12 වටය සඳහා මේ වන විටත් රටවල් 8ක් සුදුසුකම් ලබා අවසන්ය.
 
ශ්‍රී ලංකාව ද පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඔවුන් හෙට(18) නැමීබියාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.