― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබැසිල් කකුලෙන් ඇද්දොත් අමාත්‍ය ධුරය දීලා ස්වාධීන වෙනවා

බැසිල් කකුලෙන් ඇද්දොත් අමාත්‍ය ධුරය දීලා ස්වාධීන වෙනවා

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පොරොන්දු වූ බැවින් තමා හා මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර බාරගත් බවත් බැසිල් රාජපක්ෂ කකුලෙන් ඇදීමක් සිදු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එලැඹෙන මාස 3 ඇතුළතදී තමන්ට නිසි පරිදි කටයුතු සිදුකිරීමට නොහැකි වුවහොත් අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවත් කොන්දේසි 07ක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වූ බව පැවැසූ අමාත්‍යවරයා කියා සිටියේ සමගි ජන බලවේගයෙන් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන්නේ නම් එහිදී ප්‍රකාශ කිරීමට බොහෝ දේ ඇති බවයි.