28.2 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩු මිල වැඩි වන තරමට පඩි වැඩි වෙන්නේ නෑ

බඩු මිල වැඩි වන තරමට පඩි වැඩි වෙන්නේ නෑ

දඹාන ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තෝ

ආණ්ඩුව මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට බඩු මිල අඩු කරන්න ඕනෑ. බඩු මිල වැඩි වන තරමට පඩි වැඩි වෙන්නේ නෑ. මට දැන් පේන විදියට ආණ්ඩුව වෛරක්කායෝ ඇති කරගනිමින් යනවා. යැයි දඹාන ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවැසූහ.

ආදිවාසී නායකයා මේ බව පැවැසුවේ දඹාන, කොටබකිණිය ගම්මානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේ ද කීය.

“රටේ ගොවිතැන් කරන මිනිස්සු අඩියටම වැටිලා ඉන්නේ. ආණ්ඩුවේ රස්සාව කරන මිනිසුන්ට ලැබෙන වැටුප ඒ විදිහටම ලැබෙනවා. කිසිදු ගණනකින් වැඩි වීමක් නෑ. ඇත්තටම මිනිස්සු මේ පෙළපාළි යන එක, උද්ඝෝෂණ කරන එක, කෑගහන එකේ සාධාරණයි. බඩුවල මිල වැඩි වෙන්න වැඩි වෙන්න වැටුප සහ අනිත් තැන්වල මිලත් වැඩි වෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් ගැටලුවක් වෙනවා.

මේ රට පසුගිය කාලයේ ස්වාභාව ධර්මයෙනුත් විනාශ වුණා. ඩෙංගු ආවා. නාය ගියා. ගංවතුර ආවා. ඉතින් ඒ වගේ කාලයක් පසු කරමින් එද්දී කොරෝනා ඇවිල්ලා අවුරුද්දක් වඩා වැඩි කාලයක් මිනිසුන්ට මොකක්වත් කරගන්න බැරි තත්ත්වයක් උදා වුණා. “