29.5 C
Colombo
Tuesday, June 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsස්කොට්ලන්තය හමුවේ බංග්ලාදේශය පරදී

ස්කොට්ලන්තය හමුවේ බංග්ලාදේශය පරදී

ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වූයේ ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගයෙදීය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය ලකුණු 140ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 134ක් පමණි.

මේ දෙපිල අන්තර්ජාතික විස්සයි20 තරග බිමේ හමුවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, එම තරග දෙකම ජය ගැනීමට ස්කොට්ලන්තය සමත්ව තිබේ.

ලකුණු 141ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගල ලකුණු 18ක් තුළ දැවී යෑමෙන් අනතුරුව එක් වූ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන ශකිබ් අල් හසන් සහ මුෂ්ෆිකූර් රහීම් මුළු ලකුණු සංඛ්‍යාව 65 දක්වා ඉදිරියට ගෙන ගියහ.

එහෙත් තරගයේ වාසිය යළි ස්කොට්ලන්තය දෙසට හරවා ගැනීමට ක්‍රිස් ග්‍රීව්ස් සමත් වූයේ පිට පිට ඕවර 2කදී ශකීබ් (20) සහ රහීම් (38) පිටියෙන් ඉවත් කරමිනි. ලකුණු 38ක් රැස් කළ රහීම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

නායක මහමුදුල්ලා ලකුණු 23කට දැවී ගිය අතර, පන්දු යැවීමේදී බ්රැඩ්ලි වීල් කඩුලු 3ක් බිඳ දැම්මේය.

මුළු ලකුණු 45දී දෙවැනි කඩුල්ල අහිමි වූ ස්කොට්ලන්ත ඉනිමේ ලකුණු 8ක් තුළ කඩුලු 5ක් බිඳ වැටීමෙන් මුළු ලකුණු 53කට කඩුලු 6ක් ලෙස සටහන් වූ ලකුණු පුවරුව ලකුණු 140 සීමාවට ගෙන යෑමට අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ක්‍රිස් ග්‍රීව්ස් සමත් විය. මාර්ක් වොට් (22) සමඟින් 7 වැනි කඩුල්ලට ලකුණු 51ක් එක් කළ ග්‍රීව්ස් ලකුණු 45ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 28කිනි. ආරම්භක පිතිකරු ජෝර්ජ් මුන්සි පන්දු 23කින් ලකුණු 29ක් ඉනිමට එක් කළේය.

මේ තරගයේදී කඩුලු 2ක් බිඳ දමමින් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සතු වාර්තාව තමා සතු කර ගැනීමට ශකීබ් අල් හසන් සමත් විය.

ඔහු ක්‍රීඩා කළ 89 වැනි අන්තර්ජාතික තරගය වූ මේ තරගයේදී කඩුලු 108ක් දවාගෙන ඇති අතර, ඉන් පෙර වැඩිම කඩුලු ලාභියා බවට මාලිංග පත්ව සිටියේ තරග 84කදී කඩුලු 107ක් බිඳ දමමිනි.

පන්දු යැවීමේදී මෙහෙදි හසන් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ශකීබ් අල් හසන් සහ මුස්ටෆිසූර් රහ්මාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ස්කොට්ලන්තය – 140/9 (ඕවර 20) ක්‍රිස් ග්‍රීව්ස් 45, ජෝර්ජ් මුන්සි 29 (ශකීබ් අල් හසන් 19/3)

බංග්ලාදේශය – 134/7 (ඕවර 20) මුෂ්ෆිකූර් රහීම් 38 (බ්රැඩ්ලි වීල් 24/3)