29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ ආණ්ඩුව ගොවිතැනට හානි කළා

මේ ආණ්ඩුව ගොවිතැනට හානි කළා

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න

කොවිඩ් වසංගතය නිසා ගොවිතැනට හානියක් නොවුන බවත් ගොවිතැනට හානිය සිදු කළේ මේ ආණ්ඩුව බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (18)‘දිනමිණ‘ට පැවසීය.

ඊට අමතරව පාසල් වසා තිබීයදී පවා ගුරු උත්ඝෝෂණයක් සිදු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම මෙම රජය විසින් කළ බවත් පෙන්වා දෙන හෙතෙම මේ වන විට රටේ ආර්ථිකය ද ඉතාම පහළ තත්ත්වයකට ඇද වැටී ඇති බව ද සඳහන් කළේය.

එක දවසක් ගෙන ගුරුවරුන්ගේ ගැටලුව ජනාධිපතිවරයාට සකච්ඡා කළ හැකි බවත් එසේ නොකර ඔහුගේ උද්දච්චකම පෙන්වන බවත් සඳහන් කරන විද්‍යාරත්න මහතා ගොවි ගැටලුවට ද විසඳුම් නොදෙමින් ගොවියාට තර්ජනය කර මෙය විසඳිය නොහැකි බවත් පැවසීය.

රටේ ප්‍රශ්න ගෙදර ප්‍රශ්න විසඳන අකාරයට කළ නොහැකි බවත් එයට විද්‍යානුකූල පියවරයන් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

නුවන් හෙට්ටිආරච්චි