― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalCID ප්‍රකාශය ලබා දී පැමිණි විගස මහජන ආරක්ෂක ලේකම්වරයාට වහාම ඉල්ලා අස්වෙන්නැයි...

CID ප්‍රකාශය ලබා දී පැමිණි විගස මහජන ආරක්ෂක ලේකම්වරයාට වහාම ඉල්ලා අස්වෙන්නැයි ජනපති ලේකම්ගෙන් ඇමතුමක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වී තිබෙනවා.ඔහුගේ ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා තිබෙන්නේ පුද්ගලික හේතුවක් මත තමන් ඉල්ලා අස් වූ බවයි.

කෙසේ නමුත් ආරංචි මාර්ග සදහන් කරන්නේ ටිරාන් අලස් ඇමති ධුරය භාරගන්නා අවස්ථාවේ සමන් දිසානායක නමැති පුද්ගලයා තමන්ට ලේකම් තතතුරට පත් කර ගැනීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයාට කොන්දේසියක් දැමු බවයි.

එම කොන්දේසියට අනුව හිටපු මහජන ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී පැමිණි පසු ජනාධිපති ලේකම්වරයා පවසා තිබෙන්නේ වහාම ඉල්ලා අස්වීම ලබා දෙන ලෙසයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව බවයි හිටපු ලේකම්වරයාගේ සමීපතම ආරංචි මාර්ග සදහන් කළේ.