33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන මිලත් ඉහළට

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා අයි.ඕ.සී සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අදාළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතය. ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මිල එම සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් වේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 450ක් ලෙසය.

ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 111කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 400ක් වේ. සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 116කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 445ක් ලෙස දැක්වෙයි.