24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරග්බි සංචිතය තේරීමට හිටපු ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමැතිගේ සහාය ඉල්ලති

රග්බි සංචිතය තේරීමට හිටපු ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමැතිගේ සහාය ඉල්ලති

එළැඹෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට රග්බි ආයතනය පියවර ගත යුතුව ඇතැයි රග්බි ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක් කියා සිටී.

මෙවර ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ලබන වසරට වැදගත් තරගාවලි දෙකකට ආසියාවෙන් සුදුස්සන් තෝරන තරගාවලියක් බව මේ වනවිටත් ආසියා රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මේ තරගාවලිය ලබන වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහ ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරාගන්නා තීරණාත්මක තරගාවලියක් වනු ඇත.

එවැනි පසුබිමකදී ක්‍රීඩා සමාජ මට්ටමින් නොසළකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම්ව ශක්තිමත් සංචිතයක් තෝරාගැනීමට රග්බි ආයතනය කටයුතු කළ යුතුව ඇතැයි හිටපු ප්‍රවීණ රග්බි ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ. මේ ගැටලුව විසඳමින් ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට දස්කම් සපිරි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත ජාතික රග්බි සංචිතයක් තෝරා ගැනීම සඳහා හිටපු රග්බි නායකයකු ද වන ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් වැදගත් සාධකයක් වනු ඇතැයි ද හිටපු ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ.

ආසියා සත් සාමාජික තරගාවලියේ පිරිමි තරග අංශයේ පළමු කණ්ඩායම් 2 සමඟ කාන්තා තරග අංශයේ පළමු කණ්ඩායම ලබන වසරේ එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට ආසියාවෙන් සුදුසුකම් ලබන අතර, ආසියා තරගාවලියේ පිරිමි තරග අංශයේ පළමු කණ්ඩායම් 2 සහ කාන්තා තරග අංශයේ පළමු කණ්ඩායම් 2 සත් සාමාජික ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ලබන වසරේ පැවැත්වෙන තරගාවලියට එක් වනු ඇත.

පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සංවිධායකත්වයෙන් මේ මස අග භාගයේ පැවැත්වීමට සැලසුම් කර ඇති ආරාධිත රග්බි තරගාවලියෙන් ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමට රග්බි ආයතනය තීරණය කර ඇති අතර, මහනුවර සහ සීආර් ක්‍රීඩා සමාජ මේ තරගාවලියට එක් නොවීම හේතුවෙන් ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්