24.5 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාලිංගගේ ලෝක වාර්තාව සම කළ කර්ටිස් අයර්ලන්තය දිනවයි

මාලිංගගේ ලෝක වාර්තාව සම කළ කර්ටිස් අයර්ලන්තය දිනවයි

අන්තර්ජාතික විස්සයි20 තරග බිමේ පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවාලමින් ලසිත් මාලිංග තැබූ ලෝක වාර්තාව සම කළ කර්ටිස් කැම්පර් ඊයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව අබුඩාබි නුවර පැවැති පළමු වටයේ තරගයෙන් අයර්ලන්තයට කඩුලු 7ක ජයක් අත්කර දීමට සමත් විය. විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිට පිට කඩුලු 4ක් දවාලු පළමු පන්දු යවන්නා ලෙස ඔහු වාර්තාපොතට එක් විය.

22 හැවිරිදි මේ දකුණත් පන්දු යවන්නා පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ඉනිමේ 10 වැනි ඕවරය යවමින් මේ දස්කම පෑ අතර, ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකි වූයේ ලකුණු 106ක් පමණි.

ජයග්‍රහණය හඹා ගිය අයර්ලන්ත පිල ඕවර 15.1කදී කඩුලු3ක් පමණක් දැවී තරගය ජයගත්තේය.

අන්තර්ජාතික විස්සයි20 තරග බිමේ එවැනි දස්කමක් පෑ ලොව තුන්වැනි පන්දු යවන්නා ඔහු වේ. ඊට පෙර ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් 2019 වසරේදී අයර්ලන්තයට එරෙහිව පිට පිට කඩුලු 4ක් දවාලු අතර, එය වාර්තා වූයේ ඔහුගේ පෙර ඕවරයේ අවසන් පන්දු 2න් සහ ඊළඟ ඕවරයේ පළමු පන්දු 2කිනි. ලසිත් මාලිංග ද ඒ වසරේදීම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පිට පිට කඩුලු 4ක් දවාලු අතර, ඔහු ඊට පෙර 2007 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව මේ දස්කම පෑවේය.