30.6 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකත්වය සධීරට

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකත්වය සධීරට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

සංචාරක පාකිස්තාන ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්දින සහ එක්දින තරගාවලි සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කරයි.

ක්‍රීඩකයන් 22 දෙදෙනකුගෙන් සමන්විත මේ සංචිතයේ නායකත්වය සධීර සමරවික්‍රමට හිමිව ඇති අතර, ටෙස්ට් ක්‍රීඩකයන් කිහිපදෙනකු සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයකි.

ඒ අනුව සධීර සමඟින් ඕෂධ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ලෙස මේ සංචිතයට එක්ව සිටිති.

මින් පෙර මේ සංචිතයට ඇතුළත් කර සිටි ධනංජය ලක්ෂාන් ආබාධයක් හේතුවෙන් මේ තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට ළහිරු සමරකෝන් සංචිතයට එක් කර තිබේ.

එමෙන්ම සංචිතයේ සිටි ශිරාන් ප්‍රනාන්දු ලෝක කුසලාන තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කිරීම හේතුවෙන් මේ තරගාවලිය අහිමි වී තිබේ. ඒ වෙනුවට සංචිතයට එක්ව ඇත්තේ චාමික ගුණසේකරයි.

ශ්‍රී ලංකා ‘ඒ’ සහ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම් අතර, සිව්දින තරග දෙකක්, සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය මේ 28 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය – සධීර සමරවික්‍රම (නායක), නිශාන් මධුෂ්ක, ළහිරු උදාර, ලසිත් කෘස්පුල්ලේ, කමිල් මිෂාර, ඕෂධ ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, සම්මු අශාන්, ලසිත් අබේරත්න, කළණ පෙරේරා, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, විශ්ව ප්‍රනාන්දු, සුමින්ද ලක්ෂාන්, ලසිත් ඇඹුල්දෙණිය, අශේන් ඩැනියෙල්, දුවිඳු තිලකරත්න, චාමික ගුණසේකර, ළහිරු සමරකෝන්.