30 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsස්කොට්ලන්ත ක්‍රීඩකයන්ගේ නිල ඇඳුමේ නිර්මාණකාරිය 12 හැවිරිදි පාසල් සිසුවියක්

ස්කොට්ලන්ත ක්‍රීඩකයන්ගේ නිල ඇඳුමේ නිර්මාණකාරිය 12 හැවිරිදි පාසල් සිසුවියක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ස්කොට්ලන්ත කණ්ඩායමේ නිල ඇඳුම නිර්මාණය කිරිමේ ගෞරවය හිමි වන්නේ 12 හැවිරිදි පාසල් සිසුවියක වන රෙබේකා ඩවුනිටය. ස්කොට්ලන්තය පුරා පාසල් සිසු සිසුවියන් 200 දෙනකු විසින් එවනු ලැබූ ඇඳුම් නිර්මාණ අතරින් රෙබේකාගේ නිර්මාණය සිය කණ්ඩායමේ ලෝක කුසලාන නිල ඇඳුම ලෙස තෝරා ගැනීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබිණි.

ස්කොට්ලන්තයේ ජාතික පුෂ්පය වන Thistle නමැති කටු සහිත පැලෑටිය පදනම් කරගෙන නිර්මාණය කළ ස්කොට්ලන්ත ක්‍රිකට් පිලේ නිල ඇඳුම මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ කාගෙත් අවධානයට ලක් විය.

ස්කොට්ලන්ත පිල ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ඕමානය බලා පිටත්විමට පෙර ක්‍රීඩකයන්ට එම නිල ඇඳුම පිරිනමනු ලැබුවේ ද රෙබේකා විසිනි.

‘ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමට මගේ නිර්මාණය තෝරා ගැනීම මට විශ්වාස කරන්නත් බැරිවුණා. ක්‍රීඩකයන් මුණ ගැසීමට අවස්ථාවක් ලැබීම ඊටත් වඩා සතුටුයි.‘ කුඩා රෙබේකා එසේ කීවාය.

‘මේ කුඩා දැරිය නිර්මාණය කළ නිල ඇඳුමින් සැරසිලා ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සතුටක්. ඒ වගේම ආඩම්බරයක්. අපි හැම තරගයකටම ක්‍රීඩා කරන්නේ ඒ ආඩම්බරයෙන් යුතුවයි.‘ එසේ කීවේ ස්කොට්ලන්ත ක්‍රිකට් පිලේ නායක කයිල් කොයිට්සර්ය.

මේ කුඩා දැරියට ස්තූතිය පුද කරමින් ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය ඊයේ ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය.