අධිකරණ ඇමැති එම්.යූ.එම්. අලි සබ්‍රි
මීට පෙර ලෝකයේ මක්කා නගරය අයත්ව පැවැති රටේ ජීවිකාව ගෙනගිය පිරිසගේ සිතුම් පැතුම්, කලබල, බහින්බස්වීම්, ඇනකොටාගැනීම්,භේදභින්නවීම්,මරාගැනීම්, පණපිටින් දරුවන් වළලා දැමීම් ඇතුළු සෑම අපරාධ කටයුත්තක්ම මුලිනුපුටා දැමීම් කළ හැකි වූයේ නබිනායකතුමාගේ ඉගැන්වීම් නිසා යැයි අධිකරණ ඇමැති එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ නබිනායකතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් 19 වැනිදා කොළඹ, මරදාන සහිරා විදුහල් පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ජුම්මා දේවස්ථානයේ පැවැති ‘කැතලිනා’ පැළ සිටුවීමේ උත්සවයේදීය.
මේ උත්සව සභාවට පැමිණි අධිකරණ ඇමැතිවරයා කොළඹ හිටපු පුරපතිවරයකු හා විශේෂ කොමසාරිස්වරයකු වන ඕමාර් සුරේක් කාමිල් මහතා විසින් පිළිගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන පැමිණියහ.
මෙහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය. මොහොමඩ් නබිනායකතුමා ජනතාවගේ සිත්සතන් වෙනස් කර අකටයුතුකම් නවතා දැමීමට ක්‍රියා කිරීම නිමිත්තෙන් කලක් එතුමා මක්කමෙන් පන්නා තිබූ බවක් ඉතිහාසයේ දැක්වෙනවා. නමුත් නබිතුමා ඇතිකළ ක්‍රියාමාර්ග සියල්ල ඒ රටේ ජනතාවට යහපතක් මෙන්ම දියුණු සමාජයක් ඇති කිරීමට උපයෝගි වුණා.
අපගේ රටේ විශාල ජනකායක් කොරෝනා රෝගයට ගොදුරු කරගැනීමට නොහැකි වුණේ අප රටේ පවත්වා ගෙන යන වෛද්‍ය ක්‍රමය නිසයි. ඒ සමඟම සිංහල දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන රටේ වෙසෙන ජනතාව එක්සත්ව, එක්සිත්ව ඉතා සහයෝගයෙන් එම කාර්යයට සහාය දීම නිසා බවත්, එම සහයෝගිතාව ගැන තමා සතුටුවන බවත් අධිකරණ ඇමැතිවරයා කියා සිටියේය.
කොළඹ, මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන්වාසී ගලහිටියේ සුමන හිමි-
නබිනායකතුමාගේ උපන් දිනය ප්‍රසිද්ධ රජයේ හා වෙළෙඳ නිවාඩු දිනයක් කිරීමට පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය පියවර ගැනීම සතුටට කරුණක් බව පැවසූහ. ක්‍රිස්තියානි අමාත්‍යංශයේ නියෝජිත ආචාර්ය ඩික්ස්ටස් කුරුකුලසූරිය, මරදාන ජුම්මා පල්ලියේ පූජක අහමඩ් ෂා, අගමැති හින්දු ආගමික සම්බන්ධිකරණ ලේකම් ආචාර්ය රාමචන්ද්‍රන් කුරුක්කල් හසන් මව්ලවි මෙහිදී කතාකළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් පලීල්, කොළඹ නියෝජ්‍ය පුරපති එම්. ටි. එම්. ඉක්බාල් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ