27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහේරත්ට එම්සීසී ගෞරවනීය සාමාජිකත්වය

හේරත්ට එම්සීසී ගෞරවනීය සාමාජිකත්වය

ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුට එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්සීසී) ගෞරවනීය යාවජීව සාමාජිකත්වය පිරිනැමූ අතර, එහි නවතම ක්‍රීඩකයන් ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඇතුළත් වී තිබේ.

එම්සීසී විසින් මේ වසරේ ගෞවරනීය සාමාජිකයන් ලෙස නම් කළ ක්‍රීඩක ලැයිස්තුව ඊයේ නිවේදනය කළ අතර, ඊට ක්‍රීඩකයන් 15 දෙනකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක් ඇතුළත්ව සිටිති. ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතුරින් රටවල් 8ක්ම මෙවර ලැයිස්තුව නියෝජනය කිරීම විශේෂත්වයකි.

එංගලන්තයේ ශ්‍රීමත් ඇලිස්ටෙයාර් කුක්, ඉයන් බෙල්, මාකස් ට්‍රෙස්කොතික්, දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා, හර්ෂල් ගිබ්ස්, ජැක් කාලිස්, මොර්නි මෝර්කල්, ඔස්ට්‍රේලියාවේ ඩේමියන් මාර්ටින්, ඉන්දියාවේ හර්බජාන් සිං, ජවගල් ශ්‍රීනාත්, කෙදෙව් ක්‍රීඩකයන් වන ඉයන් බිෂොප්, ශිවනරීන් චන්ද්‍රපෝල්, රම්නරේෂ් සර්වාන් සමඟ සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක ග්‍රාන්ට් ෆ්ලවර් මේ ක්‍රීඩකයන් අතරට ඇතුළත්ව සිටින අතර, ක්‍රීඩිකාවන් ලෙස එංගලන්තයේ සාරා ටේලර්, ඔස්ට්‍රේලියාවේ ඇලෙක්සැන්ඩ්‍රා බ්ලැක්වෙල් සහ නවසීලන්තයේ සාරා මැගල්ෂාන් යන ක්‍රීඩිකාවන්ට ද මේ සාමාජිකත්වය හිමි වූහ.

දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හේරත් ටෙස්ට් තරග 93කදී කඩුලු 433ක් දවා ගත් අතර, ලොව හොඳම ටෙස්ට් කඩුලු ලාභීන් දස දෙනා අතර රැඳී සිටී.

රංගන හේරත් එම්සීසී ගෞරවනීය සමාජිකත්වය හිමි වූ 15 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර, අවසන් වරට 2015 වසරේදී මාවන් අතපත්තු, චමින්ද වාස් සහ මහේල ජයවර්ධනට මේ ගෞරවනීය සාමාජිකත්වය හිමිව තිබිණි.