― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalප්‍රසන්න හා එස්. එම් චන්ද්‍රසේන මෙතෙක් වාහන බාර දී නැහැ

ප්‍රසන්න හා එස්. එම් චන්ද්‍රසේන මෙතෙක් වාහන බාර දී නැහැ

ඉඩම් සහ සංචාරක අමාත්‍යාංශවලට අයත් වාහන කිහිපයක් එම අමාත්‍යාංශවල හිටපු අමාත්‍යවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන සහ ප්‍රසන්න රණතුංග මෙතෙක් භාර දී නොමැති බවට තොරතුරු වාර්තා වෙයි.

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන KQ 6211 අංකය දරණ V8 වර්ගයේ ජීප් රථය, KY 0573 දරණ BMW වර්ගයේ මොටර් රථය විසින් මෙතෙක් භාර දී නොමැති බව ඉඩම් අමාත්‍යාංශය පවසයි.

මීට පෙර සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග විසින් ලබා ගත් වාහනද මෙතෙක් භාර දී නොමැති බවට තොරතුරු වාර්තා වෙයි.

CAQ 1043 අංකය දරණ ඩිස්කවරි වර්ගයේ රථය CAT 1793 දරණ බෙන්ස් මෝටර් රථය සහ CAV 1501 දරණ V8 වර්ගයේ ප්‍රාඩෝ රථය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් ඔහු මීට පෙර අමාත්‍ය ධූරය දැරූ සංචාරක අමාත්‍යාංශය වෙත භාර දී නොමැති බව එම අමාත්‍යංශය අවධාරණය කරයි.