26.7 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැරදි කරන දරුවන්ගේ මව්පියන්ට දඬුවම් දීමේ නීතියක්

වැරදි කරන දරුවන්ගේ මව්පියන්ට දඬුවම් දීමේ නීතියක්

යම්කිසි අපරාධයකට සම්බන්ධවන හෝ අවිනීත ලෙස හැසිරෙන දරුවන්ගේ මාපියන්ට දඬුවම් දීම නීතිගත කිරීමට චීන පාර්ලිමේන්තුව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම එරට පාසල් දරුවන් අධික ලෙස අධ්‍යාපන කටයුතුවල නිරතවීම සැලකිල්ලට ගනිමින් සති අන්තයේ සහ නිවාඩු දිනවල ප්‍රධාන විෂයයන් සඳහා උපකාරක පන්තිවලට සහභාගිවීමත් තහනම් කිරීමට ද අවධානය යොමු වී තිබේ.

ඒ අනුව අපරාධයකට සම්බන්ධවන හෝ අවිනීත හැසිරීමක නිරතවන දරුවන්ගේ භාරකරුවන්ට හෝ මාපියන්ට දඬුවමක් ලෙස පවුල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ පනත මගින් මාර්ගෝපදේශ වැඩසටහන්මාලාවකට සහභාගි විය යුතු බවට නීති ගෙන ඒමට කටයුතු යොදා ඇත.

පාසල් දරුවන් එවැනි ක්‍රියාකාරකම්වල නිරතවීමට හේතු ගණනාවක් බලපාන බවත්, නිසි පවුල් අධ්‍යාපනයක් නැති මාපියන් ඊට වග කිව යුතු බවත් චීන මහජන කොන්ග්‍රසය යටතේ පවතින නීති කටයුතු පිළිබඳ කොමිසමේ ප්‍රකාශක සැං ටයිවයි වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ.

නව නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර තම දරුවන් පිළිබඳ වැඩිපුර සොයා බලන ලෙසත්, ඔවුන් වෙනුවෙන් කාලය කැප කිරීමට උත්සාහ කරන ලෙසත් ඉල්ලා සිටින චීන රජය තම දරුවන්ට අවශ්‍ය පරිදි විවේකයක් ලබා දීමට පියවර ගන්නා ලෙසත් දන්වා තිබේ. එරට දරුවන්ගෙන් බහුතරයක් අන්තර්ජාල විනෝද ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටින අතර, ඔවුන්ගේ කලහකාරී හැසිරීමට එය බලපාන බවත් අනාවරණය වී තිබේ.