අනුර කුමාර දිසානායක
කෙරවලපිටිය යුගදනවි ගෑස් විදුලි බලාගාරය සම්බන්යෙන් නිව් පෝට්ට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කර ඇති හෝ අත්සන් කිරීමට නියමිත ගිවිසුම්වලට අනුව එම බලාගාරයේ සියයට හතළිහක අයිතියත් ගබඩා පර්යන්තය සහ නල පද්ධතිය ඉදිකිරීමත් වසර 5කට ගෑස් සැපයීමත් අදාළ සමාගමට පැවරීමට බලාපොරොත්තු වන්නේදැයි කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) විමසා සිටියේය.
මේ සම්බන්ධයෙන් රට තුළ බරපතළ සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බවත්, නිව් පෝට්ට්‍රස් එනර්ජි සමාගම සමග අත්සන් කර ඇති හෝ අත්සන් කිරීමට නියමිත ගිවිසුම්වලට අනුව එම බලාගාරයේ අයිතිය අමෙරිකානු සමාගමට හිමිවන බවට පසුගිය දිනවල වාර්තා පළවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. එබැවින් මේ සම්බන්ධයෙන් වන සියලු සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ගබඩා පර්යන්තය ඉදිකිරීමට සහ නළ පද්ධතිය ඉදිකිරීමට විදුලි බලමණ්ඩලය සහ ඛණිජතෙල් සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවනු ලැබ තිබියදීත් ටෙන්ඩර් ඉදිරිපත් නොකරන ලද මෙවැනි සමාගමකට ඒවා ලබා දීමට කටයුතු කරන්නේ කවර හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන්ද පැහැදිලි කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න