― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආහාර අර්බුදයට මහින්ද අමරවීරගෙන් අරුම පුදුම විසඳුමක්

ආහාර අර්බුදයට මහින්ද අමරවීරගෙන් අරුම පුදුම විසඳුමක්

රක්ෂිත වනාන්තරවල හටගන්නා කොස් හා දෙල් ඵලදාව නෙලා ගැනීම සඳහා රක්ෂිත ආසන්නයේ සිටින ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර නිකුත් කරන ලෙස ඔහු බලධාරීන්ට දැනුම් දී තිබේ.

වනාන්තරවල වැවෙන කොස්, දෙල් ඵලදාව භාවිතා කිරීමෙන් රට මුහුණ දී සිටින ආහාර අර්බුදයට යම් හෝ විසඳුමක් වනු ඇති බව මහින්ද අමරවීර පැවසීය.

මීට පෙර අවස්ථාවකදීද අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මඤ්ඤොක්කා දණ්ඩක් හෝ බතල වැලක් හෝ සිටුවීමට ජනතාව කටයුතු කළයුතු බවයි.

රසායනික පොහොර ආනයනය එක්වරම තහනම් කර මෙම ආහාර අර්බුදයට මුල පිරුවේද මහින්ද අමරවීර ඇතුළු කැබිනට් මණ්ඩලය විසිනි.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ රටපුරා පිහිටා ඇති අතර එම ඉඩම්වල කොස්, දෙල් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අපතේ යන බව වන සංරක්ෂණ නිළධාරීන් ඇමතිවරයාට පෙන්වා දී ඇත.