23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමළ නිජබිම් සංකල්පය පිළිගන්නා අලුත් ව්‍යවස්ථාවක් උතුරු-නැඟෙනහිරට අවශ්‍යයි

දෙමළ නිජබිම් සංකල්පය පිළිගන්නා අලුත් ව්‍යවස්ථාවක් උතුරු-නැඟෙනහිරට අවශ්‍යයි

දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන්

දෙමළ නිජබිම් සංකල්පය පිළිගෙන උතුරු-නැඟෙනහිර පළාත්වල දෙමළ ජනයා විසින්ම පාලනය වන නව ව්‍යවස්ථාවක් මේ රටේ බිහි වන තුරු උතුරු- නැඟෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට හෝ ඔවුන්ගේ නිදහසට පිළිතුරක් නොලැබෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයා පවසයි.

ඉකුත් දිනක යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටි විග්නේස්වරන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාවට සර්ව සාධාරණ අයිතියක් මේ රටේ ඇති බව සිංහල බෞද්ධ පාලකයන් දැන ගත යුතුව ඇතැයිද සදහන් කළේය. ඒ මහතා එහිදී මෙසේද කීය.

“දෙමළ ජනතාව මේ රටේ සෙසු ජාතියට හා සමාන අයිතිවාසිකම් ඇති ජන කොට්ඨාසයක් බව සියලු දෙනාම පිළිගත යුතුයි. උතුරු නැඟෙනහිර පළාත් දෙමළ ජනතාවගේ නිජබිමයි. එක් එක් දේශපාලන පක්ෂවල වුවමනාවට එම පළාත් දෙක නඩු දමා පළාත් දෙකක් වශයෙන් යළි බෙදා වෙන් කළත් දෙමළ ජනතාව පාලනය කෙරෙන තනි දේශපාලනය ව්‍යුහය එම පළාත් දෙක විය යුතුයි.

මේ රටේ නව ව්‍යවස්ථවක් සැකසෙන අවස්ථාවේදී මේ කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු විය යුතුමය. එසේ නොවන්නට මේ රටේ උතුරු නැඟෙනහිර පළාත් වල සිටින දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමක් සිදු වන්නේ නැහැ.

සිංහල බෞද්ධ පාලකයන් හැම අවස්ථාවකදීම උත්සහ කරන්නේ දෙමළ ජනතාවත් දෙමළ නිජබිම් සංකල්පයත් විනාශ කර දැමීමටයි. උතුරු නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර දොළහකටත් වඩා ගත වී හමාරයි. තවමත් ඒ පළාත්වල හමුදාව රඳවා සිටිනවා. ඔවුන් නිසා උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාවට භුක්ති විදීමට ඇති බොහෝ සම්පත් ඒ ජනතාවට නොලැබී යන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මේ සඳහා හොඳම උදාහරණය ඉඩම් භාවිතයයි. යුද හමුදාව උතුරේ වැසියන්ට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම නිසා ජනතාවට දැන් ඉඩම් අයිතිය අහිමි වී ගොස් තිබෙනවා. දෙමළ නිජබිම් සංකල්පය විනාශ කිරිම සදහා සිංහල බෞද්ධ පාලකයෝ මෙවැනි ක්‍රියා ඉතා උපක්‍රමශීලීව සිදු කරනවා.”

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ