30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරු අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිනවා

ගුරු අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිනවා

ඇමැති නාලක ගොඩහේවා

ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාමත් පෙනි සිටින බවත්, වර්ජනය හේතුවෙන් අහිමි වන කාලය දරුවන්ගේ අනාගතයට ගැටලුවක් වන බවත් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ ‘ස්වශක්ති’ මානව සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘සෞභාග්‍යා නැණබල’ වැඩසටහනෙන් වත්තල, විජය කුමාරතුංග ජනවාසයේ ළඹයින් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

‘‘නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් රට පුරා තිබෙන දිළිඳු ගම්මාන තෝරාගෙන ඒවායේ ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා විවිධාකාරයෙන් ඒ අයට ශක්තිය දීම මෙන්ම ආර්ථික ශක්තිය, දැනුම, අධ්‍යාපන, මත්ද්‍රව්‍ය පාලනය වැනි කරුණු රාශියක දී අප ඒ අයට සහය දෙනවා. මේ වසරේ දී එවැනි ජනාවාස 27ක් රට පුරා තෝරාගෙන තිබෙනවා. එයින් 10ක්ම තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ. විජයකුමාරතුංග ජනපදයත් අප එවැනි තෝරාගත් ජනපදයක්.

අපේ දූ දරුවන් තමයි රටේ අනාගතය. මේ අයට අවශ්‍ය කරන අධ්‍යාපනය, දැනුම ලබාදීම, ගතිගුණ ප්‍රගුණ කිරීම වැනි කරුණු රාශියකට අපෙ ඔබත් සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. මෙම පොත්පත් හා පාසල් බෑග් දීමත් එහි කොටසක්. පසුගිය කාලයේ ඔබලාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තිබුණා. කොරෝනා ගැටලුව නිසා දරුවන්ගේ ආරක්ෂාවට පාසල් වහන්න සිදු වුණා. ඒ වගේම ගුරු වර්ජනය නිසා ඔන්ලයින් අධ්‍යාපනයත් නැති වුණා. දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වුණා.

ගුරු අරගලය ගැන සඳහන් කරනවා නම්, ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප හැමදාම පෙනී සිටිනවා. ගරුවරුන්ටත් අනෙක් සියලුම වෘත්තිකයන්ට වගේ අමාරුකම් තිබෙනවා. ඔවුන්ටත් වැඩි ආදායමක් ලැබිය යුතුයි. ඒ සඳහා රජය හැකි පමණින් උදව් කිරීමට තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. කමිටුවක් මෙන්ම අමාත්‍ය මණ්ඩල කමිටුවක් පිහිටුවා යෝජනා අරගෙන රජයට හැකි ප්‍රමාණයට එම ගුරු ගැටලු විසඳීම සඳහා පියවර කිහිපයකින් ගුරුවරුන් සඳහා දිය යුතු වැටුප් වැඩි කිරීම් කරන්න රජය පොරොන්දු වී තිබෙනවා.