30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරෝහින්ග්‍යා සරණාගත කඳවුරට ප්‍රහාරයක් පුද්ගලයෝ 7ක් මරුට

රෝහින්ග්‍යා සරණාගත කඳවුරට ප්‍රහාරයක් පුද්ගලයෝ 7ක් මරුට

බංග්ලාදේශ-මියන්මාර දේශ සීමාව අසළ පිහිටි රෝහින්ග්‍යා සුළුතර මුස්ලිම් ජාතිකයන් පදිංචිව සිටි සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. තුවක්කුකරුවකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයන් ජීවිතක්ෂයට පත් වූ බවත්, අදාළ පුද්ගලයා විසින්ම සිදු කරනු ලැබූ පිහි ඇනුමකින් තවත් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලැබූ බවත් බංග්ලාදේශ පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

මේ ප්‍රහාරය එල්ල වූයේ රෝහින්ග්‍යා ප්‍රජාවට නායකත්වය දුන් මොහිබුල්ලා නමැති පුද්ගලයා මීට සති තුනකට පෙර ඔහුගේ කාර්යාලය ඉදිරිපිටදී ඝාතනයට ලක්වීමේ උණුසුම මැදය.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් සිවුදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර, සෙසු පුද්ගලයන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රහාරය සිදු වී මොහොතකට පසු එම ප්‍රහාරකයා අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලීසිය සඳහන් කර තිබේ. ඔහු සතුව තුවක්කුවක්, පතරොම් කිහිපයක් සහ පිහියක් තිබූ බවත් වැඩි දුරටත් වාර්තා වේ