30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical21 වැනි සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

21 වැනි සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත අද (06) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ මෙම කෙටුම්පත දේශපාලන පක්ෂ නායකයින්ගේ යෝජනා ලබාගැනීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණි.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉදිරිපත් වූ සංශෝධන යෝජනාද ඇතුළත් වන නව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (06) ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර අද (06) විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවක් සහ වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරාගෙන වගා කරන පුද්ගලයින්ට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.