25.6 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

රනිල්ගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00ට රැස්වීමට නියමිත තිබෙනවා.

මේ අතර රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරයා විසින් අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය බදු මුදල සපයා ගැනීම සඳහායි මෙම පරිපූරක ඇස්තමේන්තුව ගෙන එන්නේ.

ඊට අදාළ විවාදය හෙට (08) දිනය දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සඳහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව විවාදයකින් තොරව අනුමත කර ගැනීමට ද නියමිතව බවයි වාර්තා වන්නේ.