පාඨලි චම්පික රණවක
චිනයෙන් ගෙන්වනු ලැබු පොහොර නෞකාව පිටුපස ඉන්නේ මේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක් යැයි හිටපු ඇමැති හා සමඟි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා (23)දා පැවසීය.
ගාල්ලේ පැවති වැඩමුළුවකින් පසු මාධ්‍යවෙදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
කාබනික පොහොර කියා චිනයෙන් ගෙන්වනු ලැබු පොහොර නැව රටට ඉතා අහිතකර බවට මේ රටේ පර්යේෂණාගාරවලින් ඔප්පුවී තිබියදී නැවතත් ඒ පොහොර නැව බලහත්කාරයෙන් අපිට ගොඩබාන්න තමයි එන්නේ. මේ ජාවාරම්කාරයන්ගේ මේ සෙල්ලම සුදුළුණු බිකේ සිට සීනි ඇටය එනනත්කරණය දක්වා ජවාරම්කාර ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වන්නේ. කසළ වලින් මළපහවලින් හදපු පොහොර වලටත් මෙක තමයි කරන්න හදන්නේ.මෙයට එරෙහි මුළු රටම නැගී සිටිය යුතුයි.මේ නෞකාව ගෙන්වපු කොන්ත්‍රාත්කරුවන්ට හා ටෙන්ඩර්කරුවන්ට දඬුවම් කළයුතුයි.
දැන් මේ නාඩගම ඇති. වසංගතය ජාවාරමක් කරගත්තා මෙරටට ආහාර, ඖෂධ, ගෙන්වීම ජාවාරමක් කරගත්තා. අපේ රටේ භෝග පස විනාශ කරන පොහොර ගෙන්වීමට එරෙහිවම රටේ ජනතාව නැගී සිටිය යුතුයි. ඊනියා කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා කෘෂිකර්මාන්තය බිද වැටිලා. වැරැදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය මේ සඳහා බලපා තියෙනවා. ඉදිරි මාස දෙක ඇතුළත රට ඇතුලේ සාගතයක් නිර්මානය වෙනවා. ආණ්ඩුවට ඩොලර් සපයා ගන්න නොහැකි වුවහොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක් සිදුවිමට ඉඩ ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දික්වැල්ලේ තිලකරත්න – ගාල්ල උතුර සමූහ