33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැරණි මිතුදම් අලුත් වෙයි

පැරණි මිතුදම් අලුත් වෙයි

ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානී ඉන්ෆැටිනෝ මහතා හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් අතර, හමුවක් කටාර්හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ පැරණි මිතුදම අලුත් වීමක් ලෙස මේ හමුව දෙපාර්ශ්වයම සතුටින් යුතුව සිහිපත් කර ඇත. ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා හා පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් රුද්‍රිගූ මහතා මෙහිදී ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා උණුසුමු ලෙස පිළිගත් අතර, පැයකට අධික කාලයක් සාකච්ඡා පැවැත්විය.

ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු පරිපාලනයේ ආකෘතීන් පිළිබඳ සිය සතුට පළ කළ බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා යටිතල පහසුකම් සහ තාක්‍ෂණික සහාය දෙන බව මෙහිදී ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා එකඟතාව පළ කොට ඇත. ශ්‍රී ලංකාවට ඉදිරි කාලයේදී වැඩි සහයෝගයක් දෙන බව ෆිෆා සභාපතිවරයා සහතික වූ අතර, ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා සිදු කළ ආරාධනය ද ගියානී ඉන්ෆැටිනෝ මහතා පිළිගත්තේය.

ලෝක පාපන්දු සභාපතිවරයාගේ මේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මාසයේ සිදු වනු ඇතැයි පැවැසේ.

ප්‍රින්ස් ගුණසේකර