29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝප් කමිටු කතිකාව වළක්වා වංචා වහගන්න විපක්ෂය උද්ඝෝෂණය කළා

කෝප් කමිටු කතිකාව වළක්වා වංචා වහගන්න විපක්ෂය උද්ඝෝෂණය කළා

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

යහපාලන රජය සමයේ සිදු කළ වංචා දූෂණයන්ට අදාළ කෝප් කමිටු කතිකාව වසා ගැනීමට විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ගොවියන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ බව මුදල් හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රජයේ අරමුණ සෞඛ්‍යාරක්ෂිත ආහාර ජනතාවට ලබා දීමත් ගොවි ජනතාව ආරක්ෂා කිරීමත් වන බවද ඒ මහතා පැවසීය. රජයේ කාබනික පොහොර වැඩසටහන පිළිබඳව ගොවි ජනතාව සහ පාරිභෝගිකයා තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට විපක්ෂය ඇතුළු ඇතැම් කණ්ඩායම් කටයුතු කළ බවත්, මෙම කාබනික පොහොර වැඩසටහන මඟින් පාඩුවක් සිදුවන සියලු පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීමේ වගකීම රජය භාරගෙන ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) අනුරාධපුර, කවරක්කුලම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී හෙතෙම මෙසේද කීය.

“රජය මඟින් පොහොර බෙදා හැරීම ආරම්භ කළ අවස්ථාවක විපක්ෂය පාර්ලිමේන්තුවේ දී උද්ඝෝෂණයක් කළේ පසුගිය රජය විසින් සිදු කරනු ලැබූ වංචා සහ දුෂණ පිළිබඳ සොයා බැලෙන කෝප් කමිටු කතිකාව වසා ගැනීමටයි. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා පවසන අන්දමට පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිත වී ඇත්නම් ඒ පිළිබඳව අල්ලස් හා දූෂණ කොමිසමට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකියි.”

චිත්‍රාරත්න කළුආරච්චි – හිඳෝගම සමූහ