28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචන්ද්‍රිෂාන් අවසන් ගමන් යයි

චන්ද්‍රිෂාන් අවසන් ගමන් යයි

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිටියේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වූ චන්ද්‍රිෂාන් පෙරේරා මහතා මෙලොවින් සමුගත්තේය. දිගු කාලයක් රෝගාතුරව සිටි චන්ද්‍රිෂාන් මහතා මිය යන විට 62 හැවිරිදි වියෙහි පසු විය.

දශක ගණනාවක් පුරා රග්බි ක්‍රීඩකයකු, පුහුණුකරුවකු, කීර්තිමත් පරිපාලකයකු, තේරීම් කමිටු ප්‍රධානියකු සහ ශාරිරීක අභ්‍යාස පුහුණුකරුවකු ලෙස මෙරට රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවකගේ දස්කම් ඔප් නැංවීමට දායකත්වය දුන් ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයෙකි.

වසර 1984 හොංකොං සෙවන්ස් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල බඳුන ශූරතාව දිනා ගනු ලැබුවේ ඔහුගේ නායකත්වය යටතේය. කාන්තා රග්බි ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාව ආසියා සත් සාමාජික කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය දක්වා ඉහළට රැගෙන යෑමට සමත්වූ චන්ද්‍රිෂාන් මහතා රග්බි ක්‍රීඩාවෙන් සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර, ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සීසීසී පිලට ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පළමු විධායක අධ්‍යක්ෂවරයා ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු මාධ්‍ය කළමනාකරු ලෙසත් සේවය කළ ඔහු රග්බි විස්තර විචාරකයකු ලෙස ද කටයුතු කර ඇත.

ඔහුගේ අවසන් කටයුතු ඊයේ (25) පස්වරුවේ මීගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

ෆවුස් මොහොමඩ්