30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවීරයන් වූ හතර දෙනාම වයස 24ට අඩු සූරයෝ

වීරයන් වූ හතර දෙනාම වයස 24ට අඩු සූරයෝ

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග හතරේදීම තරගයේ වීරයා සම්මාන දිනාගත් ක්‍රීඩකයන් හතර දෙනා වයස අවුරුදු 24ට අඩු යොවුන් ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි. නොගැළපෙන පළපුරුදු ක්‍රීඩකයන් වෙනුවට ජයග්‍රහණයට ගැළපෙන තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීමෙන් ශ්‍රී ලංකා පිල ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි අවධානය යොමුව පවතී.

මේ හතර දෙනාට අමතරව ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන 23 හැවිරිදි වියේ පසුවන පැතුම් නිශ්ශංක, 25 වැනි වියෙහි පසු වන චාමික කරුණාරත්න හා 26 හැවිරිදි බිනුර ප්‍රනාන්දු වැනි යොවුන් ක්‍රීඩකයෝ ද ශ්‍රී ලංකා ජයග්‍රහණ සඳහා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරමින් සිටිති.

නැමීබියාව හා නෙදර්ලන්තය සමග පැවැති තරග දෙකේදීම දඟ පන්දු යවන ක්‍රීඩක 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ තරගයේ වීරයා සම්මානයට පාත්‍ර විය. තීක්ෂණ අබුඩාබිහී පැවැති නැමීබියාවට එරෙහි තරගයේදී ලකුණු 25කට කඩුලු 3ක් ගත් අතර, සජාහී පැවැති නෙදර්ලන්තයට එරෙහි තරගයේදී ලකුණු 3කට කඩුලු දෙකක් ලබා දස්කම් දැක්වීය. ඔහු සහභාගී වූ අයර්ලන්තය සමග තරගයේදී ලකුණු 17කට කඩුලු 3ක් හිමි කර ගත්තද එම තරගයේ වීරයා 24 හැවිරිදි වනිඳු හසරංග පන්දු 47කදී හයේ පහරක් හා හතරේ පහර 10ක් සමග ලකුණු 71ක් ලබා ගැනීම හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය පිරිනැමිණි.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් වරට සාජාහි ක්‍රීඩා කළ බංග්ලාදේශය සමග තරගයේ වීරයා වු 24 හැවිරිදි චරිත් අසලංක පන්දු 49කදී නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර, එයට හයේ පහර හා හතරේ පහර 5 බැගින් එක් කළේය.

ප්‍රින්ස් ගුණසේකර