අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද 10 දින පාර්ලිමේන්තුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබද ව සිදු කල කතාව ඇසීමෙන් හිනා යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද 10 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා
අද උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. ඔහු ඒ ප්‍රකාශය කළේ නිට්ටඹුවෙ දී මියගිය පොළොන්නරුව මන්ත්‍රීවරයා සම්බන්ධ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින්.
ඔහු ඒ ප්‍රකාශය කරද්දී ලොකු ලොකු චන්ඩි කතා ගොඩක් කිව්වා. ඔහු තර්ජනය කිරීම කරා. උදාහරණයක් විදිහට ටීඑන්ඒ මන්ත්‍රී ෂානකයන් රාසමාණික්‍යයන් සම්බන්ධ ඉතාම ද්වේෂ සහගත ප්‍රකාශ කළා. ඔහුව මන්ත්‍රීධූරයෙන් නෙරපීමට අදාල කතා පවා ව්‍යංගාර්ථයෙන් කිව්වා. ඒ ප්‍රකාශ වලට පෙරටුගාමි සමාජවාදී පක්ෂයත්ස ම්බන්ධ කළා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අනෙකුත් ටී එන් ඒ පක්ෂය ගැන කියමි න් පාර්ලිමේන්තුවේ ජෝගි යක් නැටුවා.
චන්ඩියෙක් ඇවිල්ලා ඔය කතාව කිව්වා නම් එහෙම කෙනෙකුට බය හිතෙන්න පුළුවන් කෙනෙකුට කේන්ති යන්න පුළුවන්.
නමුත් රනිල් ඇවිල්ල චණ්ඩියෙක් නෙමෙයි රනිල් ඇවිල්ල විහිළුකාරයෙක් වෙලා තියෙන්නෙ. ඒ නිසා කාටවත් මේව බලද්දි කේන්ති යන්නේ නෑ. කාටවත් මේව බලද්දි බය හිතෙන්නෙත් නෑ. ඒ වෙනුවට හිනා යන එක තමයි වෙන්නේ.
ඔහු මේ ප්‍රකාශ කරන්නේ මොකද කියන එක පැහැදිලියි අග්‍රාමාත්‍යවරයා ලෙස එක් ආසනයක් තියාගෙන, ලංකාවේ ඉතිහාසයේ අගමැති වෙච්ච පළවෙනි කෙනා.
ඔහු අගමැති වෙලා ආශිර්වාද ලබා ගැනීම සඳහා ගංගාරාම පන්සලට ගිහිල්ලා එනකොට මාධ්‍යවේදීන් ඔහු අගමැති ධූරය ලබා ගත්ත එක ගැන විමසද්දී ඔහු මොකද කිව්වේ. ඔහු කියපු දේ තමයි මිනිස්සුන්ට ගෑස් දෙන්න ඕන මිනිස්සුන්ට තෙල් දෙන්න ඕනේ මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ එක එක කතා කිව්වා. කිරිපිටි දෙන්න ඕන. ඒව දෙන්න තමයි අගමැති වුනේ කියලා කිව්වේ.
දැන් ඒ කිසිම දෙයක් දීගන්න බැරුව සැරින් සැරේ සතියකට සැරයක් ජාතිය අමතනවා. ජාතිය අමතලා දුක් අඳෝනා කියනවා. කලින් සැරේ ජාතිය අමතල කිව්වා වේල් තුනම කන්න තරම් කෑම නැති වෙයි ආහාර හිඟයක් එනවා ඒ නිසා වේල් දෙකක් කන්න කියලා කිව්වා.
රනිල් හිතාගෙන ඉන්නේ දැනටමත් අපේ මිනිස්සු වේල් තුනක් කනවා කියලා. ඉස්සරහටයි දෙකක් කන්න වෙන්නේ කියලා. දැනටත් අපේ රටේ මිනිස්සු වේල් දෙකයි කන්නේ. ගිය සුමානේ පාර්ලිමේන්තුව අමතල කිව්වා තෙල් හිඟයක් තියෙනවා අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා ගෙදරට වෙලා ඉන්න කියලා.
ඉතින් කවුද අනවශ්‍ය ගමන් බිමන් යන්නේ. කිසි කෙනෙක් අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නෑ.
රනිල් අනවශ්‍ය ගමන්බිමන් යනවද දන්නේ නෑ. ඔහු රාජපක්ෂලාගේ හොරකම් ගැන ක්‍රියා කරනවා කිව්වා ජනතාවට පොරොන්දු වුනා ඒවා සම්බන්ධ මැදිහත් වෙනවා කියලා.
ඔහුත් අගමැති වෙලා හිටපු ආණ්ඩුවේ කරපු මහ බැංකු වංචාවේ සිට මේ දක්වා සිද්ධ වෙච්ච කිසිම දෙයක් සම්බන්ධ විමර්ශන කරලා නෑ.
පොලීසිය භාර ඇමති වෙලා හිටපු එවකට ඒ ඉන්න ගමන් පොලිසියේ උද්ඝෝෂකයන්ට එරෙහිව මෙහෙයවපු ප්‍රසන්න රණතුංග ව අමාත්‍ය මණ්ඩලයේ තියාගෙන ඉන්නවා ලැජ්ජ නැතුව.
ප්‍රසන්න රණතුංග අධිකරණයේ තර්ජනය කර කප්පම් ගැනීම සම්බන්ධයෙන් වරදකරු වෙච්ච කෙනෙක්. ඔහුව තියාගෙන ඉන්නව ජොන්ස්ටන්ව තියාගෙන ඉන්නවා.
ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත් කරලා ජොන්ස්ටන්ගෙ නීතිඥයෝ අධිකරණයට කියලා තියෙන්නේ ඔහු අරලියගහ මන්දිරයේ කරපු කතාවේ ගහනවා මරනවා පුච්චනවා වගේ වචන නෑ මේ ප්රචණ්ඩ ක්‍රියා වලට ඔහුගේ සම්බන්ධයක් නෑ කියලා.
හැබැයි ඔහු කියනකොට කියන්නෙම අද ගෝල්ෆේස් ඉවර කරල එ න්න ඕන කියලා.
ගෝල්ෆේස් ඉවර කරනවා කියනකොට ගහනවා මරනවා කියන වචන නැති නිසා ඔහු වැරදි කාරයෙක් නෙමෙයි කියන තත්ත්වයක් තියෙන්නේ. මීට කලින් අහ්නාෆ් ජසීම් කියන තරුණ කවිය අත්අඩංගුවට ගත්තා .
ඔහු කවි පොතක් ලියපු නිසා අත්අඩංගුවට ගත්තේ. පොලිසිය උසාවියේ දී ඔප්පු කරන්න උත්සාහ කලා ඔහුගේ කවි පොතේ කියවන අයව අන්තවාදී ක්‍රියාවලට පෙළඹෙනවා කියලා. ඊට පස්සේ අධිකරනයෙන් කිව්වා ඒකට අදාල කවි වචන ඉදිරිපත් කරන්න කියලා.
ඉදිරිපත් කරන්න මෙලොව වචනයක් තිබුන් නැහැ එකේ. අවසානයේදී වෙච්ච දේ තමයි මනෝ වෛද්‍ය වරයෙක්ගේ වාර්තාවක් ගෙනාවා පොලීසිය අධිකරණයට මේ කවි වල සෘජුව එවැනි වචන නැති වුණාට අන්තිමට ප්රචණ්ඩ හැඟීම් ඒකෙන් එනවා කියලා.
එහෙමනම් ජොන්ස්ටන්ගෙ කතාව ගැනත් පොලිසිය මනෝවිද්‍යා වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ.