35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇෆ්ගනිස්තානයේ දැඩි ආහාර අර්බුදයක්

ඇෆ්ගනිස්තානයේ දැඩි ආහාර අර්බුදයක්

 

කඩිනම් පියවර නොගතහොත් මේ සීත සෘතුවේදී ඇෆ්ගනිස්තානයේ මිලියන ගණනාවක ජනතාව සාගින්නෙන් පීඩා විඳිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා තිබේ.

එරට ජනගහණයෙන් අඩකට වඩා (මිලියන 22.8 ක් පමණ) උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ද, වයස අවුරුදු 5ට අඩු දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී ඇත.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු විදේශ ආධාර යටතේ දැඩි ලෙස යැපෙන ඇෆ්ගනිස්තානයේ දැනටමත් ආර්ථිකය කඩා වැටී ඇති අතර, ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගෙවීම් නතර කිරීමෙන් තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ද වාර්තා වේ.