― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalදියවන්නාවෙන් එළියට බලය ගේන සැලසුමකට අපි සියලු දෙනා ඒකරාශි වෙමු !!!

දියවන්නාවෙන් එළියට බලය ගේන සැලසුමකට අපි සියලු දෙනා ඒකරාශි වෙමු !!!

දියවන්නාවෙන් එළියට බලය ගේන සැලසුමකට අපි සියලු දෙනා ඒකරාශි විය යුතු බව වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර පවසයි.

ඊයේ 13 දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර

මේ ජනාධිපතිවරයාට මිනිසුන්ගේ ඇත්ත අවශ්‍යතා මොනාද කියන එක තේරෙන්නෙ නෑ. ඔහු රකින ආර්ථිකය  ඔහු පරිස්සම් කරන්න හදන ආර්ථිකය කියන්නෙත් මිනිස්සුන්ගේ  අවශ්‍යතා  සම්පූර්ණ කළ හැකි ආර්ථිකයන් නෙමෙයි කියන එක අපිට බොහොම පැහැදිලියි.

 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට තියෙනවා පොඩි උන්මත්තක භාවයක් ඒ තමයි අසාර්ථකවීම් කියන ඒවා මාර සාර්ථකයි කියල හිතෙන එක.

 ඒකට එක හේතුවක් තමයි මහින්ද රාජපක්ෂ අගමැති වරයාට ගෙදර යන්න සිද්ධ වුණා. මේ රටේ දේශපාලන ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් තමයි ඔහු ඔහුගේ අගමැතිකමෙන් සමුගත්තේ.

 ඒක සමුගැනීමක් නෙමෙයි පැන්නීම ක්‌…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරු සහය දක්වපු අගමැති කවුද.

 රනිල් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ  අවුරුදු ගාණක් තිස්සේ අගමැති ධූරය දරපු ඒ කිසිම කාලෙක  රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අසමත් වෙච්ච නායකයෙක්.

 තමන්ගේ පක්ෂ නායක කම රැකගන්න බැරිවෙච්ච නායකයෙක්. තමන්ගේ පක්ෂය දෙකඩ වෙන එක නවත්ත ගන්න බැරි වෙච්ච නායකයෙක්. එච්චර අසාර්ථක වෙච්ච මිනිහෙකුට තමයි අගමැතිකම දුන්නේ.

 ඒ අගමැති ආපු දවසෙ ඉඳල මොනවද කරේ. ඒ අගමැතිවරයා අපි දන්න ටිකම ආපහු කියනවා.

 තෙල් ප්‍රශ්නෙ මේ විදිහට එන්න නියමිතයි කියලා මේ රටේ විද්වතුන් ගණනාවක් මීට කලින් අනතුරු ඇඟෙව්වා.

පො හොර සම්බන්ධ තීරණය ඒ විදියට ගන්න එපා කියලා මේ රටේ ගොවියෝ පුනපුනා කිව්වා.

 ඒක අහන්නැතුව අගමැතිවරයා අලුත් සොයා ගැනීම් කළා වගේ එක එක බයිලා කිය කියා හිටියා .

 බයිලා වලින් වැඩක් නැති වෙන තැන පාර්ලිමේන්තුවේ තමන්ට විරුද්ධ වෙන අයට තර්ජනය කරන්න පටන් ගත්තා. අසාර්ථක ජනාධිපතිට එක් වෙච්ච අසාර්ථක අගමැතිගේ ක්‍රියාවලිය මේක තමයි.

 දැන් අලුත්ම එක බැසිල් රාජපක්ෂ ඉල්ලා අස් වුණා, ඉල්ලා අස්වුණා නෙ මේ එයාට යන්න වුණේ මීට ගොඩක් කලින් .

 ඉල්ලා අස්වීම තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී එයා හරිම පැහැදිලිව කියනවා එයාලව මේකට එවපු ජනතාව තමයි වගකියන්න ඕන. මේ ඔක්කොම පොඩි මොලේ අවුල් වෙච්ච කචල් එහෙක ඉන්නේ.

 එයාව පත්කරපු ජනතාව කවුද. බැසිල් රාජපක්ෂට කොහෙද ජනමතය තිබුණේ. බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් තමයි පත් වෙන්නේ මුදල් ඇමති කමට. එයාට කොහෙද ජනමතයක්.

ඒ හා සමාන ම පත් වීමක්‌ ඊට වඩා චෞරයෙක් ඒ තමයි ධම්මික පෙරේරා . ධම්මික පෙරේරා කියන කුප්‍රකට හොර ව්‍යාපාරික යාව දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරලා තියෙනවා.

 ධම්මික පෙරේරා කියන්නේ මේ රටේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. හැබැයි අපි නම් කියන්නේ හොරෙක්.

 ඒකට හේතු ගණනාවක් තියෙනවා. මේ ධම්මික පෙරේරා තමයි පිටරටවල් වල තියෙන කුණු කන්ටේනර් මේ රටට ගෙනල්ලා දාලා මේ රටේ කුණු ගොඩ ගහලා   සල්ලි හම්බ කරන්න හදපු ධම්මික පෙරේරා.

 රතුපස්වලදී ධම්මික පෙරේරාගේ කම්පැ නි ය කින් විෂ රසායන ද්‍රව්‍ය එළියට දාලා 

 ඒ ප්‍රදේශයේ වතුර විස උනේ ඒ මරණ වලට වග කියන්න ඕනේ ධම්මික පෙරේරා තමයි අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට ඉන්නේ  ආර්ථිකය ගොඩනඟන්න ඇවිල්ලා.

 ආයෝජන ප්‍රවර්ධන හා තාක්ෂණ කියලා අලුත් අමාත්‍යාංශයක් පිහිටවලා, ඒ අමාත්‍යාංශය බාර දෙන්න යන්නේ අමුම අමු හොරෙකුට.

 මේ ධම්මික පෙරේරා තමයි රුපියල් මිලියන 575 ක්‌ රජයට අයවිය යුතු බදු ගෙවලා නැති ධම්මික පෙරේරා.

 ධම්මික පෙරේරාගේ යෝජනා මොනවද තියෙන්නෙ, ඒකෙ තියන ප්‍රධාන එකක් තමයි අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම.

 විසිපන්දාහක් පමණ රට යනවා ලු විදෙස් අධ්‍යාපනය ලබන්න අපි අහනව කොහෙන්ද සංඛ්‍යාලේඛන ගත්තේ. මොනවද ඒවා ඔප්පු කරන්න තියෙන සාධක.

 අවුරුදු ගාණක් මේ රටේ ජනාධිපතිවරු සංඛ්‍යාලේඛන කිව්වා එකෙක්වත් ඒවා ඔප්පු කරේ නෑ.

 මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය අවුරුදු දෙක හමාරක් තිස්සේ වහලා.

 අධ්‍යාපන ණය ක්‍රමය වගේ එකක් ලෝකයේ දැන් පිළිගන්නෙ නෑ, ලෝකයේ අසාර්ථක වෙච්ච ව්‍යාපෘති ඒවා.

 ලෝකයේ අසාර්ථක වෙච්ච ක්‍රම වලින් රටේ ආර්ථිකය හදන්න හදන මිනිහෙක් ධම්මික පෙරේරා.

ලංකාවේ ආර්ථිකය ගොඩනඟන්න නම් පරිසරය අමු අමුවේ විනාශ වෙන එක නවත්වන්න බෑ. ධම්මික පෙරේරා කියන්නේ පහුගිය කාලේ පරිසර විනාශයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයෙක්.

 මේක තවදුරටත් ජනතාවගේ පාර්ලිමේන්තුවක් නෙමෙයි. අපි යෝජනා කරනවා සටන් කරන බලවේග වලට, මාස දෙකක් තිස්සේ ගෝල්ෆේස් අරගල භූමියේ අරගලයක් ක්‍රියාත්මක වෙනවා.

දැන් සියලු දෙනා තීරණයකට එන්න ඕන. අපි තවදුරටත් අපිව නියෝජනය නොවන මේ පාර්ලිමේන්තුව වගේ ව්‍යූහයක් තියාගෙන යනවද  නැත්තං මේ අරගලය විසින් අපට දීපු පාඩම ජාතිවාදය ආගම්වාදය මේ ඔක්කොම පැත්තක දාලා මිනිස්සු එකතු වෙන බලයක් ගොඩනගමු ද කියන එක.

 හොරු අල්ලනවා කියලා ආපු ජනාධිපති හොරු පාර්ලිමේන්තුවට යවනවා. මහ බැංකු හොරා පාර්ලිමේන්තුවේ.

 බදු මුදල් ගෙව්වේ නැති කුණු කන්ටේනර් පිටින් ගෙනාපු දම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ..

 අපි කියද්දී ධනපතියන්ට බදු ගහලා ජනතාවට බදු  සහන දෙන්න කියද්දී මේ ධම්මික ඇවිල්ල කි යනව ධන කුවේරයන්ට තව බදු සහන දෙන්නලු.

 මේ කිසි කෙනෙක් ජනතා නියෝජිතයන් නෙමෙයි.

 ඔවුන් නියෝජනය කරන්නේ ඔවුන්ගේ පන්තිය ඔවුන්ගේ පැලැන්තිය.

 අපිට තියෙන්නේ එකම එක පාරයි මේ අරගලය පෙන්නපු පාර. ඒ නිසා අපි මේ තරුණ අරගල කරුවන්ට ආරාධනා කරනවා. හෙට දවස තියෙන්නේ ඔබේ අතේ  ඉස්සරහට එන්න නියමිත ආහාර පෝලිම් වල ගහ මරා ගන්න එක නවත්තන්න පුළුවන් වෙන්නේ අපි සංවිධානය වුනොත් විතරයි.

අපි සියලු දෙනා එකතු වෙච්ච උන්ගේ බලය තියෙන්නෙ දියවන්නාවෙන් නම් දියවන්නාවෙන් එළියට බලය ගේ න සැලසුමකට අපි සියලු දෙනා ඒකරාශි වෙන එක.

 ගෝඨා රනිල් ඇතුළු මේ ආණ්ඩුව වහාම ගෙදර යන එක තමයි මේකට උත්තරය, එතනින් එහාට පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් දියවන්නාවෙන් එළියෙ ගොඩනැගීම තමයි උත්තරය ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියන පණිවිඩය අපි ජනතාවට දෙනවා.

 ආණ්ඩුවට අපි කියනවා ජන අරගලයට ප්‍රතිචාරය මේක නම් අපි ලෑස්තියි මේක ගමෙන් ගමට නගරයෙන් නගරයට හන්දියෙන් හන්දියට අරගෙන යන්න  ඒවයෙන් හම්බෙච්ච ප්‍රතිඵල ගැන හොඳට මතක තියාගෙන ඉන්න.