29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ අවුරුදු 05 -11 අතර දරුවන්ට කොවිඩ් එන්නත

අමෙරිකාවේ අවුරුදු 05 -11 අතර දරුවන්ට කොවිඩ් එන්නත

වයස අවුරුදු 05ත් 11 ත් අතර දරුවන්ට කොවිඩ් වයිරසයට එරෙහි ෆයිසර් එන්නත ලබාදීම සුදුසු බව අමෙරිකාව තීරණය කර ඇත.
 
වයස අවුරුදු 05ත් 11 ත් අතර දරුවන්ට මේ වනතෙක් එන්නත් ලබාදී නොමැති අතර ඔවුන්ට ෆයිසර් එන්නත ලබාදීම සුදුසු බව අමෙරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
 
අමෙරිකාව දැනටමත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි අයට ෆයිසර් එන්නත ලබා දෙයි.
 
ඉදිරි සති කිහිපය ඇතුළත අවුරුදු 05ත් 11ත් අතර දරුවන්ටද එන්නත් ලබාදීම ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව ඇමරිකාවේ දරුවන් මිලියන 28 කට පමණ ෆයිසර් එන්නත ලබා දෙනු ඇත.
 
මේ සම්බන්ධයෙන් වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අවසන් තීරණය නොවැම්බර් මස 02වනදා ලබාදීමට නියමිතය.